නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිවාඩු නිකේතනය අද (15) දින දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සුරතින් විවෘත කිරීම සිදුවිය.
නුවරඑළිය පරන උඩුපුස්සැල්ලාව පාරේ දිසාපති මැදුර ආසන්නයේ තිබු ඉංග්‍රීසි පාලන යුගයේ සැකසු පෞරාණික නිවාසයක් නවීකරණය කර මෙම නිවාඩු නිකේතනය සකසා තිබීම විශේෂිතය.
අද උදැසන 10.27 ට යෙදුන සුබ නැකතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනාව මධ්‍යයේ පීත්ත පටිය කපා නිකේතනය විවෘත කිරීමෙන් අනතුරුව කිරී ඉතිරවීම සිදු කරන ලදි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.






















