@USAID Sri Lanka ආයතනයේ SCORE ක්‍රියාකාරකම යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරන ලද උපදේශන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම USAID යහපාලනය සහ අවදානමට ලක්විය හැකි ජනගහනය පිළිබඳ කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ මයිකල් හේන්ස් මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම දිස්ත්‍රික් උපදේශන මධ්‍යස්ථානය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන හිංසන වැළක්වීමේ නුවරඑළිය දිස්ත්‍රික් කමිටුව (SGBVP Forum) හා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන අතර ළමුන් සහ කාන්තාවන් සදහා අවශ්‍ය උපදේශන සේවාවන් ලබා ගත හැකිය. දිස්ත්‍රික්කයේ ජනතාවට උපදේශනයන් ලබා ගැනීමට හැකියාව ඇත. සතියේ දින පහක ජනතාවට මෙම කාර්යාලය මගින් තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකියාව ඇත.
මෙම අවස්ථාවට USAID ආර්ථික වර්ධන කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඩෙනිස් වෙස්නර් මහතා, SCORE ක්‍රියාකාරකමේ ප්‍රධානී ජෙයතේවන් කාර්තිජෙයන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය. ප්‍රාදේශීය ලේකම්වරුන්, SCORE ක්‍රියාකාරකමේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, කාන්තා සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය එක්කය






























