Featured News

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්රික්කයේ පිඩාවට පත්වු ජනතාවට සහන සැළසිම සදහා රජය මෙන්ම මහ ජනතාවත් ඉදිරිපත්ව ඇති බවත් ඔවුනට සිය ස්තුතිය පුද කරන බව දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
දිස්ත්රික් ලේකම්වරිය තව දුරටත් සදහන් කලේ මාර්ග අවහිරතා ඇතිවි ඇති කොත්මලේ සහ වලපනේ ප්රදේශ කිහිපයක ට ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් සහන සැළසීමේ කටයුතු සිදු කරන බවය.
අවශ්යතාව අනුව සියලු ප්රදේශවල ට ලැබෙන් සහනාධාර බෙදා දීම සිදු කරන බවද ඇය තව දුරටත් පැවසීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට නුවරඑළිය දිස්ත්රික්කයේ පුද්ගලයන් 89ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 73ක් අතුරුදන්ව තිබේ.
නුවරඑළිය දිස්ත්රික්කයේ පවුල් 6959 ක පුද්ගලයින් 24681ක් අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත්ව ඇති අතර
විපතට පත් පවුල් 2934 ක පුද්ගලයන් 11453ක් සුරක්ෂිත මාධ්යස්ථාන 123 ක රදවා තිබේ.123456789