පවතින සුලං සහ වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 69 ක් අර්ධ හානි සිදුවි, පවුල් 71 ට අයත් පුද්ගලයන් 246 ක් පිඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සදහන් කරයි.
ඇය තව දුරටත් සදහන් කලේ පිඩාවට පත්වූ ජනතාව සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සදහා නිලධාරින් ට උපදෙස් ලබාදි ඇති බවත්, ඒ අනුව කටයුතු සිදුකරමින් පවතින බවය.
මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග ඇතිවිය හැකි ආපදාවන් අවම කරගැනීමට සහ ඒවා කළමාණාකරනය කිරීමට දිස්ත්‍රික් ආපදා සැළසුමට අනුව කටයුතු සිදු කරණ බවත් පැවසු දිස්ත්‍රික් ලේකම් තුමිය තව දුරටත් සදහන් කලේ ඇතැම් ප්‍රදේශවලට සුලං සහ වර්ෂාව සමග තද මිදුම් තත්වයන් වාර්තා වන බැවින් රිය පැදවීම ඇතුළු කටයුතුවල දි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලිමක් කලේය.













