Featured News

×

Message

Invalid Page Request
පවතින සුලං සහ වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 179 ක් අර්ධ හානි සිදුවි, පවුල් 309 ට අයත් පුද්ගලයන් 821 ක් පිඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සදහන් කරයි.
පසු ගිය 28 දින සිට අද දක්වා දින තුනක කාලය තුල මෙම ආපදා සිදුවි ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වන පවුල් 114 ක පුද්ගලයන් 480 ක් පිඩාවට පත්ව, නිවාස 86 කට අර්ධ හානි සිදුව ඇත්තේ අද දින බවත් ඇය තව දුරටත් පැවසීය.
අපදා හේතුවෙන් අද (30) දිනය තුල දෙදෙනකු තුවාල ලබා ඇති අතර නුවරඑළිය සහ නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සුරක්ෂා මධ්‍යස්ථාන දෙකක් පිහිටවා තිබේ.
පවුල් 30 ක පුද්ගලයන් 128 ක් එවායේ රදවා තිබේ.
දිස්ත්‍රික්ලේ කම්තුමිය තව දුරටත් සදහන් කලේ පිඩාවට පත්වූ ජනතාව සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සදහා නිලධාරින් ට උපදෙස් ලබාදි ඇති බවත්, ඒ අනුව කටයුතු සිදුකරමින් පවතින බවය.
1
2
3