නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ කමිටුව විසින් ගත් තිරණවලට අනුව දිස්ත්රික්කයේ ආපදා සහන සැළසීමේ කටයුතු ක්රියාත්මක කර තිබේ.
දිස්ත්රික් ආපදා කළමනාකරණ කමිටුව අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනවිරත්න මහතා සහ දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි
ඒ අනුව දිස්ත්රික්කයේ වැඩිම පිරිසක් ආපදාට ලක්වූ කොත්මලේ සහා වලපනේ සහන කටයුතු යුධ හමුදාව සහ රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිස එක්ව සිදු කරණ අතර අනිකුත් ප්රදේශවල ද සහන කටයුතු ද සිදු කරමින් පවති.
මාර්ග අවහිරතා හේතුවෙන් ලගා විය නෙහැකි ස්ථානය වෙත ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් සහන සැළසීම සිදු කරයි.
අවහිර වී ඇති මාර්ග යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු අදාළ ආයතන මගින් සිදු කරමින් පවතින අතර මේ වන විට නුවරඑළියේ සිට හැටන් හරහා කොළඹ දක්වා මාර්ගය ගමනා ගමන ට විවෘත කිරිමට හැකිවි තිබේ.















