ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය පිටු දකිමු යන 2023 වර්ෂයේ ජගත් පරිසර දින තේමාවට අනුව වලපනේ නගරය පවිත්‍ර කිරිම,කුනු කසළ නිසි ලෙස බැහැර කිරිම , අපද්‍රව්‍ය කලමනාකරණය හා පරිසර ආරක්ශනය පිලිබද මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (06) දින පැවැත්වීනි.
වලපනේ ප්‍රාදේශීය ලේකම් ශාලිකා ලිදකුඹුර මහත්මියගේ ප්‍රධානත්වයෙන් වලපනේ නනගරයේදී පැවැත්විණි ඒ සඳහා වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වලපනේ ප්‍රාදේශීය සභාව, වලපනේ පොලිසිය,වලපනේ රෝහල, සමෘද්ධි අංශය,වලපනේ වෙලෙද සංගමය,ත්‍රිරොද සංගමය හා ප්‍රදේශවාසින් සහභාගි වුහ.

















