නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ග්‍රාමීය මට්ටමින් ආහාර සංචිත 500 ඇති කිරීමේ සමාරම්භය,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් M.B.R.පුෂ්පකුමාර මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (18 )දා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලුගල ග්‍රාම නිලධාරී කාර්යාලය පරිශ්‍රයේදී සිදු විය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන මෙම වැඩාසටහන යටතේ වියළි ආහාර සංචිතයක්, කල්තබාගත හැකි ආහාර එකතුවක් බීජ,දඬු,පැළ හුවමාරුව කිරීම, ගෙවත්තක්,සතිපොළ,අඩු වියදම් පෝෂණීය ආහාර සැකසීම ඇතුලු කටයුතු සිදුවේ.
මෙම අවස්ථාවට නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිඳකුබුර මහත්මිය, අඹගමුව ප්‍රාදේශිය ලේකම් සිතාරා ගමගේ මහත්මි ඇතුලු ප්‍රාදේශිය ලේකම් වරුන්, පළාත් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂවරු ඇතුලු නිලධාරීන් සහභාගී විය.




















