செய்தி மற்றும் நிகழ்வுகள்

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්කඩපතන ග්‍රාම සේවා වසමේ ජනතාව වෙත නොමිලයේ කෝපි පැල සහ කෝපි බීජ බෙදාදීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගල්කඩපතන ප්‍රදේශයේදී පැවැත්විණ.
ජපානයේ කියෝතෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ගල්කඩපතන ග්‍රාම සේවා බලප්‍රදේශයේ වගා කිරීම සදහා කෝපි පැල 6000ක් නොමිලයේ ලබාදීම ඔවුන්ගේ අරමුණයි.
එය සංකේතවත් කරමින් ගල්කඩපතන ප්‍රදේශයේ රෝපණය කිරීම සදහා කෝපි පැල සහ බීජ ලබාදීම මෙහිදී සිදුකෙරිණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ කෝපි වැටිය නැවත බලගැන්වීමේ ව්‍යාපෘතිය දිස්ත්‍රික්තයේ ‍ග්‍රාම සේවා වසම් රැසක සාර්ථකව ක්‍රියාත්මක වේ.

312574590 433072852322710 618982074726853837 n

312811091 433072705656058 206346704289700015 n

312938490 433072828989379 8509255074384203223 n

313403200 433072878989374 566011511889970610 n

313405373 433072775656051 3764383974078083907 n