ලෝක පරිසර දිනය සමරා නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්රිත භුමියෙ රුක් රෝපණ වැඩසටහනක් අද (05) දින පැවැත්වීනි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් පරිදි සංවිධාන කල මෙම වැඩසටහන නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ නාගරික කොමසාරිස් සුජිවා බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීනි.
එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන යටතේ සෑම වසරකම ජූනි 05 වන දින “ ලෝක පරිසර දිනය ” ලෙස නම් කර සමරනු ලබයි. මෙවර එහි තේමාව වන්නේ “ ප්ලාස්ටික් දූෂණයට විසඳුම් - Solutions to Plastic Pollution ” යන්නයි.
ඒ අනුව ලෝක පරිසර දිනය සැමරීම සඳහා සිදු කරන ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන ජීවි සහ වන සංරක්ෂණ ඇතුළු රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කර තිබූණි.























