ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී අවට වතුයායන්හි වතු සේවකයින් පිරිසක් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය.
නුවරඑළිය ග්‍රෙගරි උද්‍යානයේ පැවැත්වෙන විෂ මත් ව්‍යසනය පරදන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන ට යන අතරතුර දි මෙලෙස වතු කම්කරු ජනතාව හමුවීම සිදු විය.
ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වතු සේවකයින් විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගත් අතර, තමන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ස්තූතිය ද පළ කර තිබේ.















