செய்தி மற்றும் நிகழ்வுகள்

කෘෂිකාර්මික කටයුතු කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධනය සඳහා දිරි දීම පිණිස තෝරා ගනු ලැබූ ප්‍රතිලාභීන් වෙත අවශ්‍ය භාණ්ඩ බෙදා දීම අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී .
වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමෘද්ධි සංවර්ධන ව්‍යවසාය සංවර්ධන හා සමාජ සේවා කාර්යාංශයන් මගින් නිර්දේශ කරන ලද ප්‍රතිලාභීන් වෙත මෙහිදි භාණ්ඩ සහ ආධාර බෙදා දීම සිදු කල අතර එ සඳහා වෙන්කරන ලද මුදල රුපියල් හැත්තෑ හය ලක්ෂ පනස් දහස් තුන්සිය හතලිස් හතකි.
මෙහිදී එක් ගමකට එක් ව්‍යවසායකයෙක් වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් විසි තුන් දෙනෙකුට ඕලොක් මැෂින් ද එක් අයෙකුට ඔටෝ බීටරයක් ද ප්‍රධානය කිරීම සිදු විය.
සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන යටතේ බෙහෙත් ඉසින ටැංකි 111ක් ද වල් කපන යන්ත්‍ර හතළිස් හතක්, විදුලි වැට උපකරණ හතළිස් තුනක්, වතුර මෝටර් හතක්, ඇල්කතීන් බට විසි හයක්, වී හුලං කරන මැෂිමක් සහ ශීතකරණයක් ඇතුළු භාණ්ඩ ප්‍රධානය කිරීම සිදු විය.
එසෙම සමාජසේවා සත්කාරක අංශය මගින් අඩුආදායම්ලාභී පවුල් 13ක් සඳහා රුපියල් දෙදහක වටිනාකමින් යුත් බඩුමලු ද අඩු ආදායම්ලාභී වැඩිහිටියන් එකොළොස් දෙනෙකු සඳහා මුදල් ආධාරද කුඩා ආබාධිත දරුවෙකු වෙනුවෙන් comod වැසිකිළියක් ද අඩු ආදායම්ලාභී වැඩිහිටියෙකු වෙනුවෙන් ඇඳක් සහ මෙට්ටයක් ද ලබා දීමට කටයුතු කර තිබුණි .
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළුන මහජ නියෝජිතයින්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, වලපනේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

271973465 231969672433030 8996802146651594237 n 271973877 231969555766375 5772128509001585423 n 271994637 231969839099680 8324564677862464571 n 271999407 231969272433070 2069949384536893866 n 272073601 231969785766352 2455086800117884943 n 272075146 231969455766385 8182699108835964287 n 272076078 231969715766359 8178471686174154882 n 272079717 231969382433059 2078769734911959659 n