செய்தி மற்றும் நிகழ்வுகள்

සෑම වර්ෂයකම ජුනි 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනය සමරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරින් සඳහා ගෙවතු වගා ප්‍රවර්ධන වඩසටහනක් අද (03) දින දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැත්විනි.
ඉදිරියෙදි ඇතිවිය හැකි ආහාර අර්බුදය ජය ගැනීම වෙනුවෙන් ජනතාව ගෙවතු වගාවන් සඳහා යොමුකිරිමේ වැඩ සටහානේ එක් අංගයක් ලෙස රාජ්‍ය නිලධාරින් ගෙවතු වගාවට යොමු කරමින් ජනතාවට අදර්ශයක් සැපයීම මෙම වැඩ සටහනේ අරමුණ වේ.
මෙහිදි ලීක්ස්, ගෝවා, මිරිස්, බටු, සලාද, තක්කාලි ඇතුළු එළවළු පැළ සහ බෝංචී බිජ නිලධාරින් වෙත බෙදා දීම සිදුවු අතර අදාල පැළ සිටුවීම සහ නඩත්තුව පිළිබඳව දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය මගින් ප්‍රායෝගික වැඩ මුළුවක්ද සංවිධානය කර තිබුණි.
මෙයට සමගාමිව දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ ආදර්ශ එළවළු වගාවක් ආරම්භ කිරීමද සිදුවිය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) සුජිවා බෝධිමාන්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) විජිතා මයාදුන්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර, සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිඳකුඹුර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

286030449 329091152720881 5781160697126175088 n

285135233 329091469387516 7106207672007912887 n 285721118 329092179387445 6284258380632802751 n

285820105 329092036054126 8699938560893747269 n 285872162 329091649387498 1769972180711003910 n

285887358 329091256054204 3646743503146682455 n 286073042 329091926054137 506903984719580413 n

286151196 329091762720820 8014815717936615822 n