செய்தி மற்றும் நிகழ்வுகள்

සුනාමි ඛේදවාචකයට වසර විස්සක් පිරීම නිමිත්තෙන් එම ව්යසනයෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදහන් වූ පුද්ගලයන් සිහිපත් කරමින් අද (26 ) දින ජාතික සුරක්ෂිතතා දිනය ස්මරණය කිරීම සහ සර්ව ආගමික කටයුතු සිදු කිරීමේ විශේෂ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී සිදු කෙරිණ.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම උත්සවය ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් ආරම්භ කෙරිණ.
එහිදී උදැසන 9.27 ට සුනාමි ව්යසනයෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදහන් වූ සියලු දෙනා සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදුකල අතර ඉන අනතුරුව බෞද්ධ , හිංදු , ස්ලාම් සර්ව ආගමික වතාවත් ඉටු කිරීම සිදුවිය.
නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කල මෙම වැඩසටහන සදහා
අතිරේක දිස්ත්රික් ලේකම් ශාලිකා ළිඳකුඹුර මහත්මිය ඇතුළු දිස්ත්රික් ලේකම් කාර්යලයේ මාණ්ඩලික නිලධාරී, පොලීසියේ සහ යුධහමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
දිස්ත්රික් මාධ්යය ඒකකය
නුවරඑළිය
 
WhatsApp Image 2024 12 26 at 14.33.46
WhatsApp Image 2024 12 26 at 14.33.46 1
WhatsApp Image 2024 12 26 at 14.48.52 1
WhatsApp Image 2024 12 26 at 14.48.52
WhatsApp Image 2024 12 26 at 14.48.52 2