செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
"නිවුණු හැදුණු පිරුණු මිනිසුන් බිහිකරන සාහිත්‍ය හා කලාව” තේමා කරගත් මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකලේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ජී.එල් පාඩිප්පෙරුම මහතා විසිනි.
Face කෙටි චිත්‍රපටය මගින් ඉන්දියාවේ India Short Film Festival හිදී හොඳම නළුවා සහ Cine World Short Film Festival හිදී හොදම ශ්‍රි ලංකා චිත්‍රපයටය ඇතුලු ජාත්‍යන්තර සම්මානයන් ගෙන් පිදුම් ලැබු නුවරඑළියේ පැතුම් මහගමගේ මහතා ඇගයීමද මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා අතින් සිදුකෙරිණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ කේන්ද්‍ර කර ගනිමින් පැවති දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරීමද මෙයට සමගාමිව සිදුකෙරිණ.
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එස්.පී.කේ. බෝධිමාන්න මහත්මිය. අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එස්.බී උඩෝවිට මහතා ඇතුළුව රාජ්‍ය නිලධාරීන් කලාකරුවන් පාසල් දරුදැරියන් පිරිසක් සහභාගී වුහ.

309048354 410081514621844 8152265728159891195 n

308788408 410081631288499 5527720422953799365 n

309057326 410081534621842 5346516651469601109 n

309159204 410081594621836 5774932128740031957 n

309164171 410081477955181 7485859818243215330 n

309405650 410081467955182 8664830404028464502 n

309625472 410081407955188 7712472433663992022 n

309693449 410081604621835 2337129589630962427 n

309742589 410081427955186 1335368021722190286 n