செய்தி மற்றும் நிகழ்வுகள்

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය සේවයට බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් වෙත සංවර්ධන නිලධාරී සේවයේ iii ශ්‍රේණිය සදහා ස්ථීර පත්වීම් ලබාදීමේ තවත් එක් වැඩසටහනක් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩි රාමේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ
මෙහිදී අභ්‍යාසලාභී උපාධිධාරීන් 47දෙනෙකු අතරින් පළාත් රාජ්‍ය සේවය සඳහා 28 දෙනෙක් ද, මධ්‍යම රජයේ සේවය සඳහා උපාධිධාරීන් 19 දෙනෙක් ස්ථීර පත්වීම් ලබා ගත්හ.
මෙම අවස්ථාවට අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංක පෙරේරා මහතා, අඹගමුව ප්‍රාදේශීය ලේකම් (වැ.බ) නදීර ලක්මාල් මහතා ඇතුළු මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

271943079 236096098687054 4975656400440075295 n

272132534 236096038687060 6780260572496737940 n

272263651 236096008687063 1762558966238552125 n

272396375 236096075353723 3951579511782138243 n