செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාව අතර පැවැත්වු 2022 සුහද ක්‍රිකට් සහ දැල් පන්දු තරගාවලියේ සමස්ථ ජයග්‍රහණය නුවරඑළිය මහ නගර සභාව හිමිකරගනිමින් නිමාවට පත්විය.

දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු සම්භාවණිය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් නුවරඑළිය මහජන ක්‍රිඩාංගණයේ (සිනිසිටා) දි පසුගිය (18) දා තරගාවලිය පැවැත්විණි.
ක්‍රිකට් තරගය සඳහා මුලින්ම පන්දුවට පහර දීම දිස්ත්‍රික් ලේකම් කාර්යාළීය කණ්ඩායම විසින් සිදුකල අතර පන්දු වාර 30 අවසානයේ කඩුලු 09 දැවි ඔවුන් ලබාගත් මුළු ලකුණු ප්‍රමාණය 208 කි.
ඉන් අනතුරුව පිටියට පිවිසි නුවරඑළිය මහ නගර සභා කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේ කඩුළු 4 ක් දැවි තම ජයග්‍රාහී ඉලක්කය වු ලකුණු 209 ක් ලබාගැනීමට සමත්විය.
එ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහනගර සභාව අතර සුහද ක්‍රිකට් තරගයේ ජයග්‍රහාණය නුවරඑළිය මහ නගර සභා පිල හිමිකරගත් අතර දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ අතින් සිය කුසලාණය ලබාගැනීම සිදුවිය.
නුවරඑළිය මහනගර සභා පිල නියෝජනය කළ අසංක දිසානායක තරගයේ හොදම පිතිකරු ලෙසත්, තරගයේ හොදම පන්දු යවන්නා ලෙස එම්. චාරක ක්‍රිඩකයාත් මෙහිදි සම්මාන ලබාගැනීම සිදුවිණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාව අතර පැවැති දැල් පන්දු තරගය 11 ට 4 ක් ලෙස නුවරඑළිය මහ නගර සභා ක්‍රිඩිකාවන් ජයග්‍රහණය හිමිකරගත් අතර එම කණ්ඩායමේ දිලානි දිසානායක හොදම විදින්නිය ලෙසත්, තමිල් චෙල්මි හොදම රකින්නිය ලෙසත් සාම්මාන හිමිකරගත්හ.
2017 වාර්ෂයේ ආරම්භ කළ මෙම සුහද ක්‍රිකට් සහ දැල් පන්දු තරගාවලියේ මිට පෙර පැවැති ක්‍රිකට් තරගයේ ශුරතාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හිමිකරගත් අතර දැල් පන්දු තරගයේ ජය නුවරඑළිය මහ නගර සභා ක්‍රිඩිකාවන් හිමිකරතන තිබිණි.
මෙම අවස්ථාවට නුවරඑළිය මහ නගරසභාවේ නාගරික මන්ත්‍රිවරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ වැඩ බලන නාගරික කොමසාරිස් සහ සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසත් එක්ව සිටිහ.

273695367 257102036586460 7965101306932056670 n 273697874 257101409919856 5862194766277032707 n 

273714940 257101043253226 2471854498295887763 n 

274654439 257101543253176 4046146291621226729 n

274528251 257101513253179 1034980896760820014 n 274515663 257101803253150 8637039672378745247 n

274321884 257101629919834 114499571355878664 n 274220359 257101463253184 3371663256396812326 n

274150239 257101159919881 5166954403718273558 n 273772229 257101316586532 3310634105017612267 n

273807390 257101299919867 3740582540043762936 n 273947349 257101133253217 1478220571972148889 n

273772229 257101316586532 3310634105017612267 n 274022087 257102083253122 7643443528743083388 n

274610708 257101983253132 7878059470931224747 n 274483368 257101736586490 8998847973182845581 n

274357811 257102173253113 3728907609093749079 n 274341972 257101749919822 5084081754031529917 n

274237863 257102729919724 6164714670485967782 n 273744932 257102746586389 7340506877158107000 n

274022087 257102083253122 7643443528743083388 n 274074431 257101586586505 848013120049632099 n

274075627 257101829919814 1302543771713446314 n 274076815 257101106586553 6200272096423743086 n

274079865 257101346586529 2480126352881121495 n 274090524 257102133253117 2965516750705377069 n

273716834 257102099919787 583723993684243532 n 274178307 257101949919802 5173392763532341365 n