செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ග්‍රාමීය මට්ටමින් ආහාර සංචිත 500 ඇති කිරීමේ වැඩසටහනට සමගාමිව නුවරඑළිය පැරකුම්පුර ග්‍රාම නිලධාරි වසමේ ආහාර සුරක්ෂිතාගාරයක් පිහිටවීම සහ ගොවතු වගා ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (30 ) පැරකුම්පුරදි සිදුවිය.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ යෝජනාවක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහාන යටතේ දිස්ත්‍රිකකයේ සෑම ග්‍රාම සේවා වසමකම ආහාර සුරක්ෂිතාගාර ඇති කිරීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන මෙම වැඩාසටහන යටතේ වියළි ආහාර සංචිතයක්, කල්තබාගත හැකි ආහාර එකතුවක් බීජ,දඬු,පැළ හුවමාරුව කිරීම, ගෙවත්තක්, සතිපොළ, අඩු වියදම් පෝෂණීය ආහාර සැකසීම ඇතුලු කටයුතු සිදු කිරීමට නියමිතය.
මහා සංගරත්නයේ ආශිර්වාද මධ්‍යෙය් පැවැති මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් විදුර සම්පත් මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

291360921 347515084211821 2751157002344113213 n

291421739 347515180878478 7817649386789164408 n

291564779 347515064211823 9209226808340168919 n

291606377 347515037545159 868393060606921444 n

291619225 347515120878484 3814076941487661248 n

291645155 347515154211814 352503229903291501 n

291680575 347515210878475 7531992579064498835 n