செய்தி மற்றும் நிகழ்வுகள்

පාර්ලිමේන්තු මැතිවරණ 2024 අදාළව නුවරඑළිය දිස්ත්රික්කයේ මන්ත්රී ආසන 08 න් මන්ත්රී ආසන 05 ක් ජාතික ජන බලවේගයටත් , මන්ත්රී ආසන 02 ක් සමගී ජන බලවේගයටත් 1 ආසනයක් එක්සත් ජාතික පක්ෂයත් ජයග්රහණය කර ඇති බව නුවරඑළිය දිස්ත්රික් තේරිම් භාර නිලධාරී , දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි
2024 මහ මැතිවරණට අදාළව දිස්ත්රික්කයේ සමස්ථ ප්රතිඵලය නිකුත් කිරීමේ අවස්ථාව එක්වෙමින් දිස්ත්රික් තේරිම් භාර නිලධාරීවරයා මෙම අදහස් පැවසීය.
ජාතික ජන බලවේගය ඡන්ද 161,167 ලබාගනිමින් හිමිකරගත් මන්ත්රී ආසන 05 සදහා
මනාප ඡන්ද 78,832 ක් ලබාගත් T.මංජුල සුරවීරආරච්චි,
මනාප ඡන්ද 52,546 ක් ලබාගත් S.S.H.M.W.G.M.D. බණ්ඩාර සෙනෙවිරත්න,
මනාප ඡන්ද 39,006 ක් ලබාගත් R.G.විජේරත්න,
මනාප ඡන්ද 34,035 ක් ලබාගත් P.P.A.දර්ශනී ගුණතිලක ,
සහ මනාප ඡන්ද 33,346 ක් ලබාගත් K. කලෙයිචෙල්වි යන අය පත්ව තිබේ .
සමගි ජන බලවේගය ඡන්ද 10,1589 ක් ලබා ගනිමින් හිමිකරගත් මන්ත්රී ආසන 02 සදහා
මනාප ඡන්ද 48,018 ලබාගත් පලනි දිගම්බරම්
මනාප ඡන්ද 42,273 ලබාගත් වී.රාධාක්රිෂ්ණන් යන අය පත්ව තිබේ .
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 64,672 ලබාගනිමින් හිමිකරගත් මන්ත්රී ආසන 01සදහා
මනාප 46438 ක් ලබාගත් ජීවන් කුමාරවේල් තොන්ඩමන් යන අය පත්ව තිබේ
දිස්ත්රික් මාධ්ය ඒකකය,
නුවරඑළිය
 
466975197 881125444184113 6044106335115116517 n
 

Video Link - https://youtu.be/s9Y4eJYglnE