செய்தி மற்றும் நிகழ்வுகள்

ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන "සිතුවිලි සිත්තම්" සමස්ත ලංකා චිත්ර, පෝස්ටර් සහ කාටූන් තරඟාවලියේ නුවරඑළිය දිස්ත්රික් ජයග්රාහිකයන්ට ත්යාග හා සහතිකපත්ර ප්රධානය කිරීමේ උත්සවය 2024/12/06 වන දින නුවරඑළිය අතිරේක දිස්ත්රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම අරමුණු කර ගත් මෙම චිත්ර, පෝස්ටර් සහ කාටූන් තරඟාවලිය පාසල් සහ විවෘත අංශ යටතේ නිර්මාණ බාරගැනීම සිදු කෙරිණ. ජාතික ළමාරක්ෂක අධිකාරිය දීප ව්යාප්ත මට්ටමෙන් මෙම වැඩසටහන සංවිධානය කල අතර දිස්ත්රික් ළමාරක්ෂක නිලධාරී හරේන්ද්ර ජයන්ත මහතා නුවරඑළිය දිස්ත්රික්කය සම්බන්ධීකරණය කරනු ලැබිය.
මෙම ත්යාග සහ සහතික පත්ර පිරිනැමීමේ අවස්ථාවට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිතුමිය, සහකාර ගණකාධිකාරී ඇතුළු පාසල් දරුදැරියන්,දෙමව්පියන්, ගුරුභවතුන්, රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්රික් මාධ්ය ඒකකය
 
469893782 911336751188563 4869461362808751428 n
469672170 911336494521922 3197750103517028240 n
 
 
469779101 911337274521844 1959537370588196781 n
469938683 911337181188520 4516734080221749273 n
469872469 911337024521869 7172050680809232678 n
469863449 911336554521916 8564642426428756341 n
469928136 911336797855225 6100530220593477155 n
469519665 911337377855167 619245808747211330 n
469610814 911336994521872 4500036462114275453 n
469670466 911336204521951 8604836642659508201 n
469640803 911336297855275 4890994616594013090 n
469881795 911336067855298 138008441601941240 n
469707325 911336864521885 6366950450625731703 n