செய்தி மற்றும் நிகழ்வுகள்

ඇගළුම් ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායිකාවන් උදෙසා මාර්ගගතව පවත්වනු ලැබූ, "සන්ලයිට් මනුදම්වියමන" තාක්ෂණික පුහුණු අවසන් පරීක්ෂණයෙන් ඉහලින් සමත්වූ නුවරඑළියේ ව්‍යවසායිකාවන් සදහා ත්‍යාග ප්‍රදානය කිරීම දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පසුගිය කොරෝනා වසංගත සමයේ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, යුනිලිවර් ආයතනය හා සිංගර් ෆැෂන් ඇකඩමි ආයතනයන්හි එකමුතුවෙන් සංවිධානය කල මෙම
තරගයෙන් සමස්ථ ලංකාවෙන්ම ව්‍යවසායිකාවන් 250 තෝරාගැනීම සිදු විය.
ඒ සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 නියෝජනය කරමින් ඉදිරිපත් වු තරගකරුවන් අතරින් 15 දෙනකු ජයග්‍රහණ කර තිබේ.
රුපියල් 20000 බැගින්වූ මුදල් චෙක්පත් එම ජයග්‍රාහිකාවන් වෙත හිමිවු අතර එම චෙක්පත් නිල වශයෙන් ප්‍රධාන කිරීම මෙහිදි සිදු විය.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමානාන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

306640941 397512445878751 1729735140666700432 n

306975645 397512292545433 594680647632630916 n