செய்தி மற்றும் நிகழ்வுகள்

රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව නුවරඑළිය සම්බෝධි විහාරස්ථානයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.03 දින සිදු කරන ලදී.
නුවරඑළිය බෞද්ධ මන්දිරයේ සිට පෙරහරින් වඩම්මවන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සුභ මොහොතින් රෝපණය කිරීම සිදුවිය.
නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් දඹගොල්ලේ සෝමානන්ද ස්වාමින් වහන්සේ නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිඔරුවේ ධීරානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝ රත්නයේ අනුශාසකත්වයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පිංකම පැවැත්විණ.