செய்தி மற்றும் நிகழ்வுகள்

"ඇයට ශක්තිය දැයට ප්‍රගතිය" යන තේමාව කර ගත් මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා දින සැමරුම 2024.03.26 වඳින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සහ ජාතික කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා චම්පා උපසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

කාන්තාවන්ගේ දේශපාලන දායකත්වය වැඩි කිරීම සහ ඔවුන් උනන්දු කිරීම පිළිබද පිළිබද දේශනයක් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතා මෙම වැඩසටහනේදී සිදු කළහ, එසේම විවිධ ක්ෂේත්‍ර යටතේ තම ඉලක්ක සපුරා ගත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාන්තාවන් ඇගයීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීම, සනීපාරක්ෂක සේවයේ නිරත කනත්වන් ඇගයීම සහ උපකරණ ලබාදීම මෙම වැඩසටහනේ සුවිශේෂි අංග විය.

මෙම වැඩසටහනට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය.දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිතුමිය පාම් පදනමේ කණ්ඩායම් නායක සමන් විජේ බණ්ඩාර මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීතුමිය, නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය නියෝජනය කරමින් එහි නිලධාරී මණ්ඩලය, සිවිල් සංවිධාන නියෝජිතවරියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

433001668 732716832358309 4606973519223764338 n

433005133 732717812358211 6892905252222846761 n

433475363 732717905691535 9079453734306529915 n

433465087 732718249024834 5236587586036222022 n

433133679 732718449024814 5089464842070608163 n

433137266 732718602358132 782664402698588873 n

433475349 732718142358178 5848121754994537933 n

433483108 732718512358141 2030351109565631556 n