පළාත් පාලන ජන්ද විමසීම - 2025
නුවරඑළිය දිස්ත්රික්කය නාමයෝජනා භාර දීම
==================================
පළාත් පාලන ජන්ද විමසීම - 2025 වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාළන ආයතන හතරක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් අද (19) දින මධ්‍යහ්න 12 වන විට නාම යෝජනා ලබාදි ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
තලවකැලේ ලිදුල නගර සභාව සදහා කදුරට ජනතා පෙරමුණ ඊයේ (18) දින නාම යෝජනා ලබදුන් අතර සමගී ජන බලවේගය අද (19) උදැසන නාම යෝජනා භාර දීම සිදුවිය.
හගුරන්කෙත ප්‍රාදේශිිය සභාව සදහා සමගි ජන බලවේගය පක්ෂය නාම යෝජනා ලබා දීම ඊයේ (18) දින සිදුවූ අතර කොටගල සහ ආගරපතන යන ප්‍රාදේශිිය සභා දෙක සදහා සමගී ජන බලවේගය පක්ෂය අද (19( නාම යෝජනා ලබාදීම සිදුවිය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිිය සභා 09 ක්, නගර සභා 02ක් සහ මහ නගර සභා 01 ක් සඳහා සභිකයින් පත් කර ගැනීම වෙනුවෙන් නාමයෝජනා භාර දීම පසුගිය (17) දා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදි ආරම්භ කෙරිණ. එය එලබෙන 20 වනදා මධ්‍යහ්න12 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාළන ආයතන 12 සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 121 ක් මැතිවරණය සදහා ඇප තැන්පත් කර තිබේ.
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති නාමයෝජනා භාරගැනිමේ අවස්තාවට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටිහ.













