செய்தி மற்றும் நிகழ்வுகள்

“සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට” ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන් මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන හැටන් දුම්රිය ස්ථාන නව ගොඩනැගිලි පරිශ්‍රයේදී විශාල ජනතාවකට සෙත සලසමින් අද (23) දින සාර්ථකව පැවැත්විණි.

ඒ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කලෙයි චේල්වි මහත්මිය ප්‍රමුඛ මහජන නියෝජිතයන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන්.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අඹගමුව, නෝවුඩ් , තලවාකැලේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

අඹගමුව, නෝවුඩ්, තලවාකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව වෙනුවෙන් පැවැත්වෙන මෙම ජංගම සේවාවේන් හැඳුනුම්පත් නිකුත් කිරීම, උප්පැන්න. විවාහ සහතික නිකුත් කිරීම , ඉඩම්, කෘෂි හා වැවිලි සම්බන්ධ ගැටළුවලට විසදුම් ලබාදීම , අක්ෂිසායන , දන්ත සායන, මාතෘ හා ළමා සෞඛ්‍ය, බෝනොව රෝග පිළිබද බටහිර සහ දේශීය සෞඛ්‍ය වෛද්‍ය කඳවුරු සහ විශේෂඥ වෛද්‍ය සේවා ලබාදීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සහ දෙස් විදෙස් රැකිරක්ෂා අවස්ථා සහ වෘත්තීය පුහුණු අවස්ථා සම්පාදනය ඇතුලු සේවා රැසක් සාර්ථකව සිදු කරන ලදි.

මෙම වැඩසටහනට සමගාමිව රුක් රෝපණය සහ කසල කළමනාකරණ වැඩසටහන් ද සිදු කරණ ලදි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35

36

37

38

39

40