செய்தி மற்றும் நிகழ்வுகள்

ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ශ්‍රී පාද භූමිය පවිත්‍ර කිරීමේ මෙහෙයුම අද (25) දින ශ්‍රී පාද උඩ මළුවේ දි ආරම්භ විය.

ඒ අනුව විශේෂ පුහුණුව ලැබු කමන්ඩෝ සෙබළුන් ප්‍රමුඛ යුධ හමුදා කණ්ඩායමක් උඩමළුවේ ලගාවීමට අපහසු ස්ථානවල දමා ඇති ප්ලාස්ටික්, පොලිතින් කසල ඉවත් කිරීමේ කටයුතුවලින් අද මෙම වැඩ සටහන ආරම්භ විය.

ඒ සදහා යුධ හමුදා නිලධාරීන් රැසක් සහභාගි වු අතර අද සිට ලබන 28 දින දක්වා මෙම කටයුතු සිදු වේ. එළබෙන 29 වන දින ශ්‍රී පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය නගරය දක්වා කසල ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14