පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස
නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි
දිස්ත්රික් ලේකම් තුමිය තව දුරටත් සදහාන් කලේ වලපනේ, නිල්දන්ඩාහින්න, මතුරට සහ හඟුරන්කෙත ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය විසින් නායයෑම් පූර්ව රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවය.
නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රදේශ රැසකින් ජල ගැලිම්, පස් කදු කඩා වැටිම් හා ගස් කඩා වැටිම් රැසක් වාර්තා වන බවත්,
නුවරඑළිය - වලපනේ, මුංවත්ත ප්රදේශයේ සිදු වූ නායෑම්වලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් දිස්ත්රික් ලේකම්වරිය තව දුරටත් පැවසීය.
ආපදා හේතුවෙන් දිස්ත්රික්කයේ පවුල් 171 පුද්ගලයන් 613 ක් පිඩාවට පත්ව ඇති අතර නිවාස 84 අර්ධ හානි සිදුවි තිබේ.
මාර්ග අවහිර වී ඇති ස්ථාන යථා තත්වය ට පත්කිරීමට අවශ්ය කටයුතු ආරම්භ කර ඇති බවත්, අපදාවට පත් වුවන් සදහා සහන සැලසීම ට අවශ්ය කටයුතු ආරම්භ කර ඇති බවත් ඇය තව දුරටත් පැවසීය.
එසේම නුවරඑළිය ට සංචාරය සදහා මේ දින වල පැමිණිම නොකරන ලෙසිත්, පැමිණ සිටින පිරිස ආපදා තත්වය ඉවත් වන තුරු ආරෂිතව සිටින ලෙසිත් දිස්ත්රික් ලේකම්වරිය ඉල්ලිමක් කරයි.













