செய்தி மற்றும் நிகழ்வுகள்

දිට්වා සුලි කුණාටුවෙන් අර්ධහානි වු නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 35 ක් සදහා නිවාස ඉදිකිරීමේ පලමු වාරිකය වන රුපියල් ලක්ෂ තුනක මුදල් චෙක්පත් ප්‍රධානය කිරිම පසුගිය (09) දා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ දී සිදුවිය.

ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

දිට්වා සුළි කුණාටුවෙන් අපදාවට ලක් වු ජන ජිවිතය නැවත නඟා සිටුවීමේ රජයේ වැඩ පිළිවෙළට සමගාමිව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපදාවට ලක් වී අර්ධ හානි වූ නිවාස ප්‍රතිසංස්කරණ සදහා රුපියල් ලක්ෂ පහක මුදල් ආධාරයක් ලබාදිම ට නියමිත අතර එහි පලමු වාරිකය ලෙස එක් නිවාසයක් සදහා රුපියල් ලක්ෂ තුන බැගින් මුදල් චෙක්පත් ලබාදිම මෙහිදී සිදු විය.

මෙ අවස්තාවට ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ

1

2

3