செய்தி மற்றும் நிகழ்வுகள்

"සෞභාග්‍යයේ ඉදිරි දැක්ම" ජාතික ප්‍රතිපත්තිය බලගන්වමින් ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ආරම්භ කල "ඔප්පුව ගෙදරටම" ජාතික වැඩසටහනේ තවත් එක් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙම වැඩසටහනේ දී ප්‍රතිලාභීන් 150 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ප්‍රධානය කල අතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රතිලාභීන් වෙත ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සහ වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී රත්නායක මහතා සහභාගි වූ අතර ඉඩම් අමාත්‍යාංශ ලේකම්තුමා, ඉඩම් කොමසාරිස් ජනරාල්තුමා,නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්තුමා, පලාත් ඉඩම් කොමසාරිස්තුමා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමා,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විධායක අධ්‍යක්ෂතුමා ඇතුළු මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

269421560 218219563808041 3051557152066633261 n

270051473 218219693808028 7078833639676606999 n

269607005 218219630474701 4861702307198803985 n

267497173 218219770474687 6108540622935759839 n

267790961 218219717141359 4848944318281587530 n

268340683 218219587141372 3130811294718290894 n

269860505 218219743808023 195527208389820918 n

269121640 218219660474698 7949835419479490333 n