செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් හට සම බල ආහාර වෙලක් ලබා ගැණිමට අවස්ථාව උදාකරමින් "අපෙන් අපට එලවලු" වැඩසටහන අද (08) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ආරම්භය විය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ආරම්භය කල මෙම වැඩසටහන යටතේ කාර්යාලීය නිලධාරීන් විසින් තමන්ට ලබාදීමට හැකි එලවලු සහ පලතුරු සහන මුදලක් අය කරමින් මෙම වැඩසටහනට ලබා දෙන අතර ඒවා අවශ්‍ය නිලධාරීන් අදාල මුදල ගෙවා ලබා ගැණිම සිදු කරයි.
මෙම වැඩසටහන ආරම්භ කිරිම අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධ්මාන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .
පරිපාලන නිලධාරි පි.කේ. සුරවීර මහත්මිය සහ දිස්ත්‍රික් සමජ ආරක්ෂන නිලධාරි ඩේසික ජයලත් මහතා මෙම වැඩසටහන සම්බන්ධිකරණ සිදු කරන අතර කාර්යාලීය සියලු නිලධාරීන් මේ සඳහා සක්‍රියව දායකත්වය දැක්විම විශේෂිතය.
සතියකට එක් දිනක් මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ .

 330266434 248846394145584 2636368696347747473 n

330287231 442199904746475 4681084363776229472 n

334219339 1327924937753134 5456443425914591344 n

334221174 554623130097678 4298906294801592950 n.

334559991 3083520095282011 3255817965170458800 n

335046474 902666717449552 385142960742752863 n

335164753 169503265878249 8378455326844287176 n