செய்தி மற்றும் நிகழ்வுகள்

බදුල්ලෙන් වලපනේ ට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම සදහා එක්වු බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව සහ මීගහකිවුල ප්‍රදේශවල වාසය කරන මහා සංඝරත්නය දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් නිල්දණ්ඩාහින්න – ඉලුක්කුඹුර ප්‍රදේශයේ, ගොවි ජනතාවගේ ජීවනෝපාය වූ වගා කටයුතු නැවත ආරම්භ කරගැනීමට හැකි වන ලෙස, ඇල මාර්ගයක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තම ශ්‍රම දායකත්වය ලබා දුන්හ.

උන්වහන්සේලා පසුගිය ( 17) දා වලපනේ ප්‍රදේශයට වැඩම කලෙ තමන්ගේ අතින් ඉටු විය යුතු සමාජ වගකීම ගැඹුරින් අවබෝධ කරගෙන, සාසනික උන්නතියට පමණක් නොව, විපතට පත් පොදු මහජනතාව වෙනුවෙන්ද පෙරට පැමිණ පිහිට වීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙන වීම විශේෂිතය.

දිට්වා ආපදා හේතුවෙන් විනාශ වු නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ, හගුරන්කෙත, මතුරට සහ නිල්දාණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නැවත ගොඩනැගීම අරමුණු කරගත් බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” මහ සංඝරත්නය ප්‍රමුඛ විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් පසුගිය 16 දා ආරම්භ විනි. එය 19 වන දින දක්වා පැවැත්වෙයි.

1

2

3

4

5