செய்தி மற்றும் நிகழ்வுகள்

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ පලමු මාත්‍රාව ලබාගත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සෙසු පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලබාදීම අද (08) දින පෙරවරුවේ නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ දී ආරම්භ කෙරිණි.
නුවරඑළිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්, අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල නිලධාරින් සහ පොලිස් නිලධාරින් ඇතුළු නිලධාරින් 3000 ට මුල් අධියර යටතේ පසුගිය මස 09 වන දා පලමු එන්නත මෙම ස්ථානයෙදිම ලබාදීම සිදුවිය. එම නිලධාරින් සියල්ලටම අද දින දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම සිදුවිය.
හෙට දිනයෙ සිට වලපනේ, අඹගමු, කොත්මලේ සහ හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පළමු එන්නත ලබාදුන් අත්‍යාවශ්‍ය සේවාවල නිරත නිලධාරින්ටත්, තෝරාගත් ග්‍රාම නිලධාරි වසම්වල වයස අවුරුදු 60 වැඩි පිරිස්වෙතත් දෙවන එන්නත ලාබා දීමට සැළසුම් කර ඇත.