செய்தி மற்றும் நிகழ்வுகள்

වටවල ගංවතුර ගැටළුවට විසදුම් සෙවිම සඳහා වු විශේෂ නිරික්ෂණ චාරිකාවක් සහ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (28) දින පැවැත්වීණී.
වර්ෂා කල වලදි මහවැලි ගංගාව පිටාර ගැලිම හේතුවෙන්, වටවල ඥානානන්ද ගම ඇතුළු ප්‍රදේශවල ජනතාව පිඩාවට පත්වන අතර දේපල සහ වගාවන්ට හානි සිදුවීම සෑම වර්ෂයකම දක්නට ලැබේ.
මෙම ගැටළුවට තිරසාර විසදුමක් ලබාදීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් අදාල සියළු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශයේ නිරික්ෂණය කිරීම සිදුවිය. මෙම ප්‍රදේශයට පහලින් ඉදිකර ඇති කුඩා ජල විදුලිබලාගාරයට ජලය ගෙනයාම සඳහා ඉදිකර ඇති බැම්මද මෙහිදි නිරික්ෂණයට ලක්වීය.
ඉන් අතුරුව වටවල ප්‍රදේශයෙ දි අදාල සාකච්ඡාව පැවැත්වු අතර මෙම ගං වතුර පාලනය සඳහා අදාල අංශ මගින් යෝජනා මෙහිදි ඉදිරිපත් කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට අඹගමුව ප්‍රා‌දේශීය සභා සභාපති ජයසංඛ පෙරේරා, අඹගමුව වැඩ බලන ප්‍රාදේශිය ලේකම් ශාලිකා ලිඳකුඹුර යන මහත්ම මහත්මින් සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ඉඩම් පරිහරන සැළසුම් අංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ඇතුළු ආයතනවල නිලධාරින් සහභාගි වුහ.

250487142 853859235310867 3796128899994937118 n 250535393 853859375310853 8634447636843505816 n 250543869 853859245310866 7469346069512207760 n 250615575 853859258644198 1053910786472928833 n 250627826 853859365310854 2722878697285652827 n 250641144 853859271977530 8822593208507771293 n 250650327 853859385310852 303755794897776787 n 250779600 853859448644179 8596039135626168046 n