செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් හක්ගල ගොරඩිහෙළ ග්‍රාම සේවා වසමේ ඉදිකළ DAZZLE ප්‍රජා වෙළද මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සහ ACTED ආයතනයේ ඉන්දීය, ශ්‍රීලංකා අධ්‍යක්ෂ Owen Swann මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.03.29 වන දින හක්ගල ගොරඩිහෙළ වසමේදී සිදු කෙරිණ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් යුරෝපා සංගමයේ ආධාර යටතේ ක්‍රියාත්මක ACTED, HI,CEFENET,FIOH ආයතන මගින් විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවයි. ඒ යටතේ හක්ගල උද්භිත උද්‍යානය අසල ඉදිකළ මෙම ප්‍රජා වෙළඳ මධ්‍යස්ථානය එම ප්‍රදේශයේ වෙසෙන සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සදහා භාවිතා කල හැක.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වෙළද මධ්‍යස්ථානයේ පළමු මහල කුටි 4 නුවරඑළිය ගොවිජන සේවා දිස්ත්‍රික් කාර්යාලය, වනිතා කටයුතු හා සමාජ සේවා අංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (නුවරඑළිය) ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව -හාවාඑළිය, සමෘද්ධි අංශය -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (නුවරඑළිය) ට හා ඉහල මහලේ කුටි දෙක ගොරඩිහෙළ වසමේ සංවර්ධන නිලධාරී වෙත භාර දී ඇත.
මෙම ව්‍යාපෘතිය සදහා වැයකළ මුළු මුදල රුපියල් මිලියන 18.02 කි
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්. යුරෝපා සංගමයේ නියෝජිත මහත්ම මහත්මීන් ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් සහභාගී වුහ.

277585745 285366773759986 9052126569074970542 n

277659682 285366863759977 4076343916500677931 n277581113 285367170426613 3040702674592552275 n277588373 285366953759968 4481062002415783825 n277583223 285367093759954 4026114891305304173 n

277583582 285367423759921 4189980084377962563 n277659695 285367383759925 3132372002803847069 n277659893 285367203759943 8957470149432393980 n277664084 285367363759927 2986173974588506799 n

277678381 285367263759937 2633059939692545351 n277668270 285367510426579 227362902510304572 n277662970 285367227093274 1403314372946707983 n277661805 285367130426617 1764791161586546223 n