නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනජීවී හා වන සංරක්ෂණ ප්‍රදේශ භාවිතා කරන සංචාරකයන් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබද සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතගේ ප්‍රධානත්වයෙන් 2023.08.04 දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
තලවකැලේ ග්‍රේට් වෙස්ටෙර්න් ප්‍රදේශයේ අබිරහස් ලෙස මිය ගිය කාන්තා මළසිරුරක් හමුවීමත් සමගම නුවරඑළිය ප්‍රදේශයේ කඳු නැගීම සහ සංචාරකයින් වනාන්තර ප්‍රදේශ වල ගමන් කිරීම සමබන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම මෙම සාකච්ඡාවේ මුලික අරමුණ විය . මෙහිදී වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නුවරඑලිය පොලිස් ස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව විශේෂ තීන්දු තීරණ කිහිපයකට එළඹිණ.
* වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට අදාල ප්‍රදේශ වල කඳු නැගීම හෝ සංචාරය කරන පිරිස්, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අදාල අවසරය සහ එම ප්‍රදේශයට ආසන්න පොලිස් ස්ථානයෙන් අවසර ලබාගත යුතුය. එසේම තමන් එම සංචාරය අවසන් කල බව අදාල පාර්ශවයන් වෙත අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතුය.
එසේ අවසර නොගෙන වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට අදාල ප්‍රදේශ වල කඳු නැගීම හෝ සංචාරය කරන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බව මෙම සාකච්ඡාව අවසානයේ දිස්ත්‍රික් ලේකම්තුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
ඉදිරියේදී මෙම අවසර ගැනීමේ සහ අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාදාමය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් සයිට් හරහා සිදු කරගැනීමට කටයුතු යොදන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
- இருக்குமிடம்:
-
முகப்பு
-
Internal Affairs Unit
-
News & Events
- නුවරඑළියේ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට අයත් ප්‍රදේශ වල කඳු නැගීම හෝ සංචාරය කරන පිරිස් නිසි අවසරයක් ලබා ගත යුතුයි - දිස්ත්‍රික් ලේකම් කියයි












