නුවරඑළිය මහා නගර සභාව මගින් පාලනය කරනු ලබන පෙර පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපනයට අතදීමක් ලෙස ඔවුනට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේ දි පැවැත්විණි.
නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයෙ දි ලබාදුන් පාසල් උපකරණ අතර පොත්, පැන්සල් වලට අමතරව පෙර පාසල් ඇදුම් කට්ටල, සපත්තු යන සියල්ල ලබාදීම සිදු විය.
මෙම අවස්ථාවට පෙර පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.














