செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ලෙස පත්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක වන දිනිකා කවිසේකර මහත්මිය 2023.11.01 දින සිය තනතුරේ රාජකාරි වැඩ ආරම්භ කිරීම සිදු කෙරිණ.

ශ්‍රීලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන එතුමිය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිය හදාරා ඇත. එතුමිය මීට පෙර කර්මාන්ත අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කළාය .

 

මෙම රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් සමිර ගම්ලත් මහතා . පරිපාලන නිලධාරිනි පුණ්‍යා කුමාරි සුරවීර මහත්මිය
ඇතුළු පිරිසක් සහභාගී වුහ.

WhatsApp Image 2023 11 01 at 3.30.56 PM 1

WhatsApp Image 2023 11 01 at 3.30.53 PMWhatsApp Image 2023 11 01 at 3.30.54 PMWhatsApp Image 2023 11 01 at 3.30.54 PM 1WhatsApp Image 2023 11 01 at 3.30.55 PMWhatsApp Image 2023 11 01 at 3.30.56 PM