செய்தி மற்றும் நிகழ்வுகள்

රටේ සමස්ථ ආර්ථිකය සඳහා වැඩි දායකත්වයක් දක්වන ක්‍ෂුද්‍ර , කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට වත්මන් රජය කටයුතු කරණ බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය , ස්වයං රැකියා හා වයාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ පවසයි.
අමාත්‍යවරයා සඳහන් කලේ මෙම කණ්ඩායම සිදුකරණ ආර්ථික සහ ව්‍යවසායකත්ව කාර්යන් අති මහත් උවත් මෙතෙක් කිසිදු ඇගයීමක් සිදුවි නොමැති බවයි.
ක්‍ෂුද්‍ර , කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට අවශයම සේවාවන් එකම තැනකින් ලබාදීම සඳහා වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ “BUSINESS SERVICE SENTER ” සේවා මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට
එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පැවසීය.
ව්‍යාපාරිකමය සේවා ලබාදිම සඳහා පවත්නා ආයතනික ක්‍රමවේදයෙහි සංකීර්ණත්වය, එකම කටයුත්ත විවිධ ආයතන මඟින් සිදු කිරීම, ඒ සඳහා විශාල කාලයක් ගතවීම ආදිය හේතුවෙන්, ව්‍යවසායකයින් වෙත ලබා දෙන සේවා කඩිනම් කිරීම සඳහා වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනට අනුව, මෙම “BUSINESS SERVICE SENTER ” සේවා මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
එකම ස්ථානයකින් සියළු සේවා සපයා ගත හැකි ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය මඟින් අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්, එකම ස්ථානයකින් ඔවුන්ගේ අනුමතීන් ලබා ගැනීමටත් උපකාර වේ. එමෙන්ම ඉදිරියේදී ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම online ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට නියමිතය.
යුරෝපා සංගමයේ ග්‍රාමීය ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ "ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතිය" මගින් මෙම සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. ක්‍රිසලීස් ආයතනය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිර්මාණය කිරීමට හා ඒවාට සහභාගී වීම සඳහා කාන්තාවන්ට හා තරුණයන්ට හැකියාව ලබාදීම මෙම යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යවසාය ව්‍යාපෘතියෙහි අරමුණයි.
මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩල තනාපති ‌‌‌ඩෙනී චයිබි මහතා ඇතුළු ඉතාලිය, ජමනිය, ප්‍රංශය, නෙදලක් තනාපතිවරුන්, මධම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න ව්‍යාපෘති සම්බන්ධිකරණ අදික්ෂණ අමාත්‍යංශ ලේකම් ඩබ්.එච්. කරුණාරත්න, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන්, ක්‍රිසලීස් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා අශිකා ගුණසේන මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

274937494 262625742700756 637061387102473616 n

274859627 262625932700737 6727654961629874077 n

274736792 262625972700733 1637418510851327983 n

274883947 262625889367408 6723212709239600418 n

274796856 262626486034015 1774068265452709624 n

 274717236 262626309367366 2379640489816187530 n

274753451 262626199367377 1825429098229523605 n

274778960 262626172700713 192194812988642800 n

274985243 262626009367396 7129089156899786758 n

274979922 262626416034022 2973788332019081494 n

274960751 262626532700677 11730801253885951 n

274918271 262625816034082 3962599991320824104 n

274897764 262626089367388 3025713707435494097 n

274869401 262626236034040 2729030326371164333 n

274857268 262626456034018 7255020493944260419 n

274810267 262626269367370 3275166033281232342 n

274782894 262625842700746 4849438824872600103 n

274782726 262626559367341 7937486725055371057 n