නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ රැස්වීමක් අමාත්‍ය සී බී රත්නායක මහතා සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පසුගිය දා නුවරඑළිය ප්‍රෙද්ශයේ ඇතිවූ ජලගැලුම් තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කළ අතර මෙම ආපදා තත්ත්වය වළක්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සම්බන්ඳව මෙහිදි සාකච්ඡා විය.
ජල ගැලිම් වලට ලක්වු ඇළ මාර්ග දෙපස ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර එය පුළුල් කිරීමටත්, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදි තිරණය විය.
ග්‍රෙගරි වැවෙන් පිටවන ජලය භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටත් මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාවට සියලුම රාජ්‍ය ආයතන වල ආපදා මෙහෙයුම් කමිටු නිලධාරීන් සහභාගි වුහ.

















