செய்தி மற்றும் நிகழ்வுகள்

සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිති කරගෙන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල සැමරුම් උළෙලක් අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
සංචාරක ක්ෂේත්‍රය පිලිබදව දැනුම්වත් කිරීමේ දේශන කිහිපයක් මෙහිදී පැවත්වුනු අතර සංචාරක ක්ෂේත්‍රය තුල මානව සම්පත සංවර්ධනය කිරීම,කාන්තා නියෝජනය වැඩිකිරීමට උනන්දු කරවීම, අපරාධ අවම කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශන ලබාදීම, භාෂා හිගය අවම කිරීමට අවශ්‍ය භාෂා දැනුම ලබාදීම සහ සංචාරක ක්ෂේත්‍රයට වැඩි ජනතා ප්‍රසාදයක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී මුලික වශයෙන් සාකච්ඡාවට බදුන් විය.
මෙම අවස්ථාවට නුවරඑළිය සංචාරක පොලිසිය නියෝජනය කරමින් එහි ස්ථානාධිපතිතුමන්, සිංහ රෙජිමේන්තු අණදෙන නිලධාරීතුමන්, නුවරඑලිය කාර්මික විද්‍යාලයේ විදුහල්පතිතුමන්,හෝටල් හිමිකරුවන්, සංචාරක මගපෙන්වන්නන්, පරිසරවේදීන් ඇතුළු පාසල් ගුරුභවතුන් ශිෂ්‍ය ශිෂ්‍යවන් පිරිසක් සහභාගී වුහ.
මිට සමගාමිව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සහ වෘත්තීය මාර්ගෝපදේශන අංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ berendina රාජ්‍ය නොවන සංවිධානය මගින් පුර්ණ ශිෂ්‍යත්ව ලබාදුන්, නුවරඑළිය හයිලන්ඩ්ස් හොටෙල් පාසලේ මාස තුනක හෝටල් පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකළ සිසු සිසුවියන් වෙත සහතික පත්‍ර ප්‍රධානය කිරීමද සිදුවිය.

306747025 406954201601242 1664944273703962650 n

306785245 406954051601257 272007044131490133 n

306843882 406954218267907 9092232990157669076 n

306845296 406953931601269 2928964566868930087 n

306947818 406953754934620 3047073084585343358 n

308008229 406954151601247 7064241999634923595 n

308595355 406954141601248 5784283640885386195 n

308640377 406953864934609 8959445955712870699 n

308745833 406953914934604 7125469164701414810 n

308760707 406953811601281 4496904878279922153 n

309013196 406954004934595 3483720776988320539 n

309116496 406953948267934 8390605344000969675 n