செய்தி மற்றும் நிகழ்வுகள்

පසුගියදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් මානුෂිය ආධාර බෙදා දීමේ වැඩසටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභීන් සහ වතු ජනතාව වෙත අදාල ආධාර බෙදා දිමේ කටයුතු අද (28) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
දුම්රිය මගින් ප්‍රවහනය කරන ලද අදාල මානුෂිය ආධාරවල පලමු තොගය නානුඔය දුම්රිය ස්ථානයේ දි දිස්ත්‍රික් ලේකම්වරයා විසින් භාරගැනීම සිදුවිය. දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාල ආධාර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා හරහා අදාල වතු සමාගම් වෙත ලබාදීම මෙහිදි සිදුවිය.
ඉන්දීය ආධාර යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට සහල් මෙට්ට්‍රික්ටොන් 1750 ක් සහ කිරිපිටි මෙට්ට්‍රික්ටොන් 21 ක් ලැබීමට නියමිත බවත්, එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හගුරන්කෙතෙ සහ අඹගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල බෙදා හැරීමට නියමිත බවත් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.
අඩු අදායම් ලාභී එක් පවුලකට සහල් කිලෝ ග්‍රෑම් 10ක බැගයක් ලබාදීමට නියමිතය. ඒ යටතේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 60314 කටත්, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 34012 කටත් වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36502 කටත්, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 32305 කටත්, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 81504 කටත් සහල් ලබාදිමට සැළසුම් කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහෙන් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට කිලෝ ග්‍රෑම් 1ක කිරිපිටි පාර්සල් 4000ක් බෙදා හැරීමට නියමිත අතර කිරිදෙන මව්වරුන්, ගැබිණි මව්වරුන් සහ වයස අවුරුදු පහට අඩු ළමුන් සිටිනා තෝරාගත් පවුල් සදහා මෙම කිරි පිටි පාර්සල් බොදා දිමට සැළසුම් කර තිබේ.
මානුෂිය ආධාර බෙදාදිමේ අවස්තාවට ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් විදුර සම්පත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

 

284544163 324686336494696 8800999263071533293 n

284550119 324686313161365 1302947667051085332 n

284643260 324686229828040 8516461759505086052 n

284688266 324686246494705 2799942135873081835 n

284711342 324686323161364 227161710042676544 n

284834699 324686249828038 5196695169775092365 n