නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජිවත්වන ජනතාවගේ පානිය ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත නව ජල බවුසරයක් ප්‍රධානය කිරීමේ වැඩසටහන, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.08.16 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හා සම්බන්ධ පානිය ජල ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් මෙම ජල බවුසරය යොදාගැනීමට නියමිත අතර එය නුවරඑළිය පළාත් පාලන කොමසාරිස් කාර්යාලය භාරයේ පවතී.
මෙම ජල බවුසරය සහකාර පළාත් පාලන කොමසාරිස් ප්‍රභාත් විජයවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දීම සිදු කලේ UN - HABITAIT ආයතනයේ ව්‍යාපෘති නිලධාරී Saleem KarimZda මහතා විසිනි. එහි සම්පුර්ණ වටිනාකම රුපියල් 13,500,000 වන අතර KOICA ව්‍යාපෘතිය යටතේ UN -HABITAIT ආයතනය මෙම වැඩසටහනේ සම්බන්ධිකරණ කටයුතු සිදුකරනු ලැබිය.
කොරෝනා වසංගතයෙන් පිඩාවට පත් ජනතාව ආර්ථික සමාජීය වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් කොරියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක වන koica ව්‍යාපෘතිය මේ වන විට ඌව, සහ මධ්‍යම පළාත් වල සාර්ථකව ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට Mr, KIM (Deputy Country Director of KOICA) , UN - HABITAIT ආයතයේ සහකාර ව්‍යාපෘති කළමනාකරු අන්වර් ඛාන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් UN - HABITAIT ආයතයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වුහ.



















