செய்தி மற்றும் நிகழ்வுகள்

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන මහජනතාවට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමේ ජංගම සේවාවව අද ( 16) දින අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේ පැවැත්වීනි.


මෙම ජංගම සේවාවේදී
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, නීතිය ආධාර කොමිෂන් සභාව, සමථ මණ්ඩල කොමිසම, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය ඇතුළු කාර්යාලය වලින් අවශ්‍ය සේවා ලබාගැනීමට මහජනතාවට හැකියාව පැවැති අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටිම විශේෂිතය.


ලියාපදිංචි නොකළ උපත් ලියාපදිංචි කිරීම, උප්පැන්න , විවාහ සහ මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම, ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම, සංශෝධන ඉදිරිපත් කිරීම සහ නැතිවුන ජාතික හැඳුනුම්පත්වල දෙවන පිටපත් ලබා ගැනීම, නීති ආධාර සේවාවන්, සමථ මණ්ඩල සහ ණය සහනදායක මණ්ඩල පිළිබඳව දැනුවත් කිරීම ඇතුළු කටයුතු මෙහිදී සිදුවිය.


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම වැඩසටහනේ සම්බන්ධිකරණ කටයුතු සිදුකර තිබේ.


මෙම අවස්ථාට අධිකරණ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නුවරඑළිය.

 

410179481 673807448249248 9123472876532189626 n410176167 673807731582553 7482227175611466640 n410151575 673807711582555 373265673298525515 n410191042 673807638249229 1638404906278924153 n410861147 673807728249220 751003167251848172 n410865853 673807788249214 646168618209859935 n410886663 673807678249225 8938442260654197825 n410888703 673807718249221 1242362451419557124 n410907748 673807751582551 4915916172363665320 n410888648 673807794915880 193338649438812846 n