செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තොරතුරු තාක්ෂණ උපකරණ සහ කාර්යාලීය ගෘහ භාණ්ඩ ලබාදීමේ වැඩසටහනක් පසුගිය දා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.


#usaid_srilanka ආයතනයේ SCORE ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර තලවකැලේ සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කාර්ය මණ්ඩල සඳහා සහජීවනය ගොඩනැගීමට සහ සේවා සැපයුම් වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.


මෙයට සමගාමිව SCORE ව්‍යාපෘතිය මගින් අනුග්‍රහය දක්වන ලද උපදේශනය සහ මනෝචිකිත්සාව පිළිබඳ පුහුණුව සාර්ථකව අවසන් කළ රාජ්‍ය නිලධාරීන් පිරිසකට සහතිකපත්‍ර ලබා දීමද මෙහිදී සිදු කරන ලදී.


මෙම අවස්ථාවට SCORE හි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

 

447673318 782709130717993 3682096523055844277 n

444900655 782709184051321 6535401433274496717 n

447697953 782709227384650 644773810165005144 n

447670835 782709447384628 8201270313785294039 n

445014434 782709494051290 1972944099792829472 n

445412645 782709554051284 4770432183147555040 n

445507394 782709597384613 8001493390948981382 n

446799814 782709637384609 3179067255362020139 n

447674260 782709677384605 932205942719327693 n

445186662 782709727384600 7240212046866540157 n

447514823 782709770717929 8151798541263453129 n

447859244 782709824051257 8902969282370340694 n

447867382 782709857384587 7484467348939413991 n