செய்தி மற்றும் நிகழ்வுகள்

නව රජයේ පළමු නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටු ගරු සභාපති පර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් අද (12) නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ දී පැවැත්විණි .
මෙහිදී අදහස් දැක්වු දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති පර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ සදහාන් කලේ රාජ්ය නිලධාරී, දේශපාලන අධිකාරිය, ජනතාව ඇතුළු සෑම මනා සම්බන්ධිකරණයෙන් යුතුව ආපස්සට ගිය රට ගොඩනැගිම සදහා කටයුතු කලයුතු බවත්, ඒ සදහා අවශ්ය සහය සැළසීම වත්මන් රජයේ ප්රධාන කාර්යක් බවත් පැවසීය.
ඔහු තවදුරටත් සදහාන් කලේ දිස්ත්රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම සදහා අඩුපාඩු ඇතුළු තොරතුරු පිලිබඳ වාර්තා කැදවීම අවශ්ය බවත් පැවසීය.
ඒ අනුව පසුගිය වසර 5 ට අදාළව ඉඩම් කොමිෂන් සභාව මගින් ලබදුන් ඉඩම් පිලිබඳව වාර්තාවක් කඩින් අවශ්ය බවත් ඉන් පසුගිය වසර 3 ට අදාළ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙසත් පවසන ලදි. එසේම මෙම කටයුතු අවසන්වන තුරු ඉඩම් සදහා මැනුම් නියෝග නොකරන ලෙසත් සභාපතිවරයා අදාළ නිලධාරී ට උපදෙස් ලබා දෙන ලදි.
දිස්ත්රික්කයේ ආරක්ෂක තත්ත්වය, 2024 වර්ෂයේ ක්රියාත්මක වු දිස්ත්රික් සංවර්ධන වැඩ සටහන් වල ප්රගතිය ඉදිරිපත් කිරීම සාකච්ඡාවට මෙහිදී ගන්නා ලදි.
ඉඩම් සංවර්ධනය, සෞඛ්ය සංවර්ධනය , වාරීමාර්ග සංවර්ධනය, පාසල් සංවර්ධනය, ජල සම්පාදනය යන කරුණු පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ගත් අතර වගා සත්ව හානියට පිලියම් සෙවීම සදහා අදාළ නිලධාරීන්, ගොවි සංවිධානය ඇතුළු කණ්ඩායම් එක්ව සැලැස්මක් සකස්කිරිම සිදු කරන ලෙසත් මෙහිදී තිරණය කෙරිණි.
මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනෙවිරත්න, පර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පි.ජි. විජේරත්න, අනුෂ්ක තිලකරත්න. කේ. කලෙයිචෙල්වි,
ජිවත් තොන්ඩමන් යන මහත්ම මහත්මින්,
නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ , මාධ්ය පලාත් ප්රධාන ලේකම් අජිත් ප්රේමසිංහ මහත්වරු ඇතුළු උසස් රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය
 
469961674 913509820971256 4934183337599534146 n
469932625 913635090958729 1882301601276623930 n
469611274 913509950971243 6466029639857924687 n
469951157 913509894304582 8393516483030057395 n
470223847 913509854304586 7315185533457564932 n
469890928 913634994292072 7970854642853352103 n
470181427 913635300958708 4804824396157871502 n
469324845 913635337625371 8688573394204516097 n
469565693 913635047625400 551454482747586768 n
470018031 913635130958725 6414030738498336449 n
470187767 913635247625380 1603048828997414496 n
470212795 913635407625364 224358107650229480 n
470223022 913635197625385 576599103412768450 n