செய்தி மற்றும் நிகழ்வுகள்

2022 කාන්තා දිනයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිරිය කාන්තාවන් ඇගයීමේ වැඩසටහනක් සහ සුහද හමුවක් කර්මාන්ත අමාත්‍ය නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.03.10 නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ශ්‍රීලංකා පළාත් පාලන සංසදය මගින් පවත්වන්නට යෙදුණු සම්මාන ප්‍රධානෝත්සවයේ "බිජ සංරක්ෂණ ව්‍යාපෘතිය" ග්‍රන්ථය සදහා ශ්‍රීලංකාවේ හොදම ව්‍යපෘති යෝජනාවට හිමි සම්මානය දිනා ගත් හිටපු පළාත්සභා මන්ත්‍රිනී විමාලි කරුණාරත්න මහත්මිය ඇගයීමට ලක් කිරීමද මෙම උත්සවයේදී සිදු කෙරිණ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා. හිටපු නගරාධිපති,නාගරික මන්ත්‍රී මහින්ද දොඩම්පෙගම මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමන්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් කාන්තාවන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

275133271 271500938479903 6464277776192178652 n  275309260 271501148479882 5079865727098035411 n

275081664 271501025146561 3906198357422248593 n 275139990 271501585146505 7952422618580544436 n

275232881 271501685146495 7651871429555537416 n 275266625 271501368479860 1112376159116338202 n

275272444 271501425146521 3754203335541960960 n 275381467 271501248479872 4336853411561204683 n

275398858 271500875146576 87718801918212759 n 275427674 271501835146480 1904808978769990328 n

275560053 271501985146465 6935285127584588765 n 275605587 271501598479837 4903615206307990867 n