වර්තමානයේ රට තුල උද්ගතව ඇති ආහාර අර්බුදය හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පිඩාවට පත්ව සිටින අතර ඉදිරියේදී මෙම තතත්වය තවදුරටත් තිව්‍රර විය හැකි බැවින් රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි . එතුමන් මේ ඉල්ලීම සිදු කලේ 2022.06.09 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රාජ්‍ය නිලධාරීන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් අමතමින්.
උඩරට එළවලු වගාවට ප්‍රචලිත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල වී වගාව අවම මට්ටමක සිදු කරන බැවින් ඉදිරියේදී සහල් සපයා ගැනීමේ විවිධ දුෂ්කරතාවයනට මුහුණ පෑමට සිදුවන බව දිස්ත්‍රික් ලේකම් තුමන් පවසයි. දැනට නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ඇති වී මසකට පමණක් ප්‍රමාණවත් වන බවත් ඉන්ධන අර්බුධය සහ වෙනත් ගැටළු හේතුවෙන් සහල් සපයා ගැනීමේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවිය හැකි බව ඔහු පවසයි. දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කිරීම සදහා කෙටිකාලින භෝග සහ කබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් අඩංගු අල බතල වැනි භෝග වගා කිරීමට ජනතාව පොළඹවන ලෙසත් ආහාර කල් තබාගැනීම වෙනුවෙන් සෑම ගමකම ආහාර සුරක්ෂිතාගාර ඇතිකරන ලෙසත් දිස්ත්‍රික් ලේකම්තුමන් නිලධාරීන්ගෙන් ඉල්ලිමක් කළේය.
වර්තමානයේ ජනතාව මුහුණ දෙන ආර්ථික සමාජීය ගැටළු වලදී ජනතාව හා සමීපව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ආරම්භ කර ඇත. ඒ යටතේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මෙලෙස දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සපයනු ලැබුයේ දිස්ත්‍රික් ළමාරක්ෂණ ඒකකය, දිස්ත්‍රික් සමාජසේවා අංශය සහ දිස්ත්‍රික් වනිතා සංවර්ධන ඒකකය විසිනි.
















