செய்தி மற்றும் நிகழ்வுகள்

රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් වැඩසටහනක් 2022/11/13 නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ තොන්ඩමාන් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසැල් වල පහ ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසුන් දහසකට ආසන්න පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූහ.
මෙම අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, කොත්මලේ වැඩබලන ප්‍රාදේශීය ලේකම්තුමන් මහජන නියෝජිතයින් විදුහල්පතිතුමන්ලා ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

314625421 442926954670633 5073065786910403902 n

314694424 442926864670642 6877755214309935571 n

315547548 442926938003968 7020165742986488438 n

315590698 442926438004018 1930360959629680665 n