නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින උදැසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චාර්ය ශාලාවේදි පැවැත්වීණි. දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුකල අතර කෘෂිකර්ම කමිටුවට ලැබී ඇති ලිපි පිලිබදව සාකච්ඡා කිරීමද සිදුවිය.
මෙම රැස්වීම සඳහා දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල රාජ්‍ය නිලධාරින් හා සියළු ගොවි ජන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය




















