செய்தி மற்றும் நிகழ்வுகள்

තරුණ නායකයන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මනෝ සමාජීය උපදේශන වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024/02/27 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ..


Lyca Gnanam පදනම සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල මෙම වැඩසටහනට තරුණ තරුණියන් 300කට ආසන්න පිරිසක් සහභාගී වූහ.


සමාජයේ පවතින විවිධ ගැටළු වලට තරුණ නායකයින් ලෙසට තමන් වෙනස්විය යුත්තේ කෙසේද යන්න පිලිබද දේශනයක් ශ්‍රීලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමයේ සහකාර අධ්‍යක්ෂක පී.ශිවකුමාර් මහතා විසින් සිදුකල අතර තරුණ තරුණියන් ලෙස තම ජීවන ඉලක්ක සකස් කර ගනිමින් වෘත්තීයකට යොමුවීම සදහා මනස ශක්තිමත් කරගන්නා ආකාරය සහ ගැලපෙන වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගැනීම සම්බන්ධ දේශනයක් දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී රසිකා අරුන්දතී ජයසිංහ මහත්මිය විසින් සිදුකරන ලදි.


මෙම අවස්තාවට Lyca Gnanam පදනම නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර සම්බන්ධීකාරක Chaitanya මහතා, දිස්ත්‍රික් කලමණාකාර ආර්.ශ්‍රීදරන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක M.N yisuf මහතා,නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිලංග මංජු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර නුවරඑළිය දිස්ත්‍රික් වනිතා කටයුතු අංශය මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදි.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

423248341 716917477271578 6891372883244768684 n

430245464 716917547271571 1838484343182596184 n

429814224 716918323938160 1657818915819405565 n

423224564 716917700604889 3666604149064292291 n

423224708 716917833938209 651576422388702886 n

427700428 716918423938150 8089015796539359985 n

423315433 716918500604809 3402217711901370022 n

429576467 716917730604886 8405309408983131745 n

427927832 716918387271487 1097666519569458408 n